Monday, August 7, 2017

සෙනෙහසේ පාඩම

දිනෙන් දින ගෙවා යන... ජීවිතේ මාවතේ...
හැරී බැලුවෙමි යළිත්... මෙතෙක් ආ මග දිගේ...
ලැබුණු දේ තරමට ම... බොහෝ වෙයි නො ලද දේ...
සිත හදන සිත දවන... හැගුම් දහසක් නැගේ...

දස වසක් පෙර ගෙවූ... සොඳුරු යෞවන වියේ...
කලින් කල නැගී එන... මතක තවමත් තියේ...
නුඹ කියා දුන්නු ඒ... සෙනෙහසේ පාඩමේ...
නොවැටහෙන යම් දෙයක්... තව ම ඇත මගෙ සිතේ...

ගෙවන්නට වෙර දරන... සංසාර මාවතේ...
මියෙන්නට පෙර යළිත්... යනෙන මාවත් දිගේ...
යළිත් නුඹ දුටුවොතින්... මට කියාදෙනු මැනේ...
නොවැටහුනු තැන් අපේ... සෙනෙහසේ පාඩමේ...

No comments:

Post a Comment

දුටුවන් ගේ අදහස්